අරමුණු
*ශ්‍රී ලාංකීය ජනතාවට දැනට පෞදිගලික අංශයේ පවතින මිලගණන් වලට වඩා ඉතාමත් අඩු මුදලකට, නිවසේ සිටම, ඉතා ඉක්මනින්, හා පහසුවෙන් ඔවුන්ගේ රෝගී තත්වයන් සදහා අවශ්‍ය වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගත හැකි සේවාවක් හදුන්වා දීම.
* වෛද්‍යවරුන් හට නිවසේ සිට හෝ තමන් කැමති ස්ථානයක සිට රෝගීන් පරීක්ෂා කිරීමේ හා ප්‍රතිකාර කිරීමට හැකි සේවා ජාලයක් හදුන්වා දීම.
සේවා විස්තර-
මේවනවිට පරිගණක තාක්ෂනය ලොකයේ සීග්‍රයෙන් දියුනු වෙමින් පවතී. අද වන විට පරිගණක තාක්ෂණය යොදාගනිමින් කළ නොහැක්කක් නොමැති තරම්ය. පරිගණක තාක්ෂණයේ දියුනුව ක්ෂේස්ත්‍ර ගණනාවකට යොදාගන්න අතර ඉන් එක් ක්ෂේස්ත්‍රයක් ලෙස වෛද්‍ය ක්ෂේස්ත්‍රය හැදින්විය
හැක.
පරිගණක
තාක්ෂණය යොදගනිමින් විවිධාකාර රූප, ශබ්ද එක් ස්ථානයක සිට තවත් සිථානයකට තත්පර ගණනක් තුළ ඉතාමත් වේගයෙන් පැහැදිළිව යැවීමේ හැකියාව ඇත. එබැවින්
එක් ස්ථානයක සිටින රෝගියෙකු, වෙනත් ස්ථානයක සිටින වෛද්‍යවරයෙකුට නිරීක්ෂනය කර වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා දිය හැක.
එය
සිදු කරන්නේ කෙසේද?

රෝගීන්ට
මෙමගින් ලැබෙන
වාසි-
වාසි-
දැනට රජයේ රෝහල් වලට හෝ පෞද්ගලික අංශයේ රෝහල් වෙත ප්‍රතිකාර ලබාගැනීමට යාමේදී යම් ගැටළු කිහිපයකට මුහුණ දීමට සිදු වේ. එනම්
*වෛද්‍යවරයා පැමිණෙනතුරු බලා සිටීම.
*වෛද්‍ය මධ්‍යස්ථාන වෙත යාම සදහා ප්‍රවාහණ ගාස්තු ගෙවීමට සිදු වීම හෝ තමාගේ වාහනයට ඉන්ධන සදහා ගාස්තු වැය වීම.
*නිවසේ
සිට යම් දුරක් ගෙවා යාමට සිදු වීම නිසා රෝගියා දැඩි අපහසුතාවයට ලක් වීම.
තමා
කැමති/ රුචි වෛද්‍යවරයාගෙන් නොව එම් ස්ථානයේ සිටින වෛද්‍යවරයගෙන් ප්‍රතිකාර ගැනීමට සිදු වීම.
*බෝවන
රෝගයක් ඇති රෝගියෙකු එම ස්ථානයේ සිටියහොත් එය වෙනත් රෝගීන්ට හා රෝගියා සමග යන නීරෝගීව සිටින පුදිගලයන්ට බෝ වීම.
ඉහත
ගැටළු සියල්ලටම අපගේ සේවාව මගින් අති සාර්ථක විසදුම් ලබා දී ඇත.
*වෛද්‍යවරයෙකු පැමිණෙනතුරු බලා සිටීමට අවශ්‍ය නොවේ. එම මොහොතේ සිටින වෛද්‍යවරයෙකු සමග සම්බන්ධ වෙමින් උපදෙස් හා ප්‍රතිකාර ලබාගත හැක.
*වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත්, රෝහලක් වෙත ගමන් කිරීමට අවශ්‍ය නැත. නිවසේ සිටම අන්තර්ජාලය හරහා වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබාගත හැක.
*අපගේ
ජාලය තුල වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයක් සේවාව ලබාදෙන බැවින් රෝගියාට කැමති වෛද්‍යවරයෙකු තෝරාගෙන ප්‍රතිකාර ලබාගත හැක.
සාමාන්යයෙන් දැනට පෞද්ගලික රෝහලකදී වෛද්‍යවරයෙකු සදහා සේවා ගාස්තු ලෙස රු 500 කට ඉහල ගාස්තුවක් ගෙවීමට සිදු උවද මෙම සේවාවදී රු 150 කටත් වඩා අඩු මුදලකට සේවාව ලබාගත හැක
*බොහෝ
රෝගීන් තම රෝගී තත්වය හෝ ගැටළුව තවත් අයෙකුට කීමට ලැජ්ජාවක් හා බියක් දක්වති. මන්ද යත් එ සමග ඔවුන් සමාජයේ කොන් වේවි යන බියෙනි. නමුත් මෙම සේවාවෙදී තමන්ගේ රහසිගතභාවය 100% ක් රැකගන්මින් උපදෙස් හා ප්‍රතිකාර ලබාගත හැක. එම නිසා එවැනි රෝගීන් සදහා මෙම සේවාව මහත් අස්වැසිල්ලක් වනු ඇත.
වෛද්‍යවරුන්ටද තමන් කැමති ස්ථානයක සිට රෝගීන් පරීක්ෂා කිරීමේ හැකියාව නිසා ඔවුන්ටද මෙය විශාල පහසුවකි.
ඉහත කරුණු සැලකීමේදී මෙම තාක්ෂනය ශ්‍රී ලංකාවට හදුන්වාදීම තුළින් ශ්‍රී ලාංකිය ජනතාවට හා වෛද්‍යවරුන් හට තම දෛනික කටයුතු ඉතාමත් පහසුවෙන් කරගැනීමේ හැකියාව ලැබෙයි.
No comments:
Post a Comment