HIV ඒඩ්ස්

මෙන්න වැදගත්ම කාරණය. මෙම රෝගය වැඩිපුරම ආසාධනය වෙලා තියන්නේ වයස අවුරුදු 15 ත් 24 අතර අයට. ඒ කියන්නේ තරුණ තරුණියන්ට. ලංකාව තුල බරපතල විදියට නැතත් බටහිර රටවල ඉතිං පොඩ්ඩක් ලොකු වෙච්ච ගමන් මේවනේ කරන්නේ. අනික හෝමෝන වැඩි වැඩියෙන් ක්‍රියාකරන කාලයනේ. ඒ නිසා තමයි මේ තත්වය ඇතිවෙලා තියන්නේ. අපේ රටෙත් ඉතිං දැන් ටික ටික මේ තත්වය උදාවෙලා තියනවා නේද?
මේ රෝගය මිනිසාට වැලදිලා තියන්නේ මුලින්ම අප්‍රිකාවේ වාසය කරන වදුරෙකුගෙන් බවටයි වාර්ථා වෙන්නේ. ආරංචියේ හැටියට ඒ රටවල ගෝත්‍රික චාරිත්‍රයකට වදුරන්ගේ ලේ යොදාගෙන ඒ ලේ වලින් තමයිලු මිනිස්සුන්ට ආසාධනය වෙලා තිියන්නේ. පිස්සු වැඩ නේද? හැබැයි ලෝකයේ මුල්ම ඒඩිස් රෝගිියා හදුනාගනෙ ඇත්තේ ඇමරිකාවෙන්. ඒ 1981 දී. කොහොමද අප්‍රිකාවෙන් ඇමරිකාවට ගියේ කියලා හිතාගන්න. දැන් ඉතිං මේකේ බැලපෑම අප්‍රිකාවටයි ඇමරිකාවටයි විතරක් නෙෙවි මුළු ලොකයටම බලපාලා තියනවා. බලන්නකො ඒකෙත් හැටි නේද?
ඒඩ්ස් ආසාධනය උනාම වෙන්නේ ආසාධිතයාගේ ප්‍රතිශක්තීකරන පද්ධතිය ටිකෙන් ටික විනාශ කරන එක. රටක උනත් මුලින්ම ඒර ට ආරක්ෂා කරන හමුදාවට පහර දුන්නාම ඒ රටට ඔනෑ කෙකෙක්ට ඇතුල් වෙලා විනාශ කරන්න පුළුවන්නේ. මේකත් ඒ වගේ වැඩක් තමයි. සිරුරෝ ප්‍රතිශක්තීකරන පද්ධතියට පහර දුන්නාම පොඩි ලෙඩකින් උනත් ආසාධිතය මියයන්න පුලුවන්. ඒකත් මාරයි නේද? ඒඩ්ස් කියන වචනේ තේරුම තමයි නතුකරගත් ප්‍රතිශක්ති ඌනතා ලක්ෂණය. අන්න ඒක තමයි ඉහතදී පැහැදිලි කරේ.
මේ රෝගය වලක්වාගැනීමේ ප්‍රධානම ක්‍රියාවලිය තමයි මේ පිළිබදව සමාජය දැනුවත් කිරීම, ආසාධිතයන්ට ප්‍රතිකාර කිරීම වාගේ දේවල්. බොහොවිට එච්.අයි.වී වාගේ රෝග ආසාධිතයන් ප්‍රතිකාර ලබාගැනීමට ඉදිරිපත් වෙන්නේ බොහොම කලාතුරකින්. මොකද ඒ අය බයයි මේ ගැන සමාජය දැනගත්තොත් ඒ අයව කොන් කරයි කියලා. ඒ කාරනය නිසා වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් වෙන්නෑ. නමුත් ඒ ඉස්සර. දැන් ලංකාව තුල අපගේ සේවාව ක්‍රියාත්මක වන නිසා ඒ රෝගීන්ට රහසිගතභාවය රැකගනිමින් වෛද්‍ය ප්‍රතිකාර හා උපදෙස් ලබාගන්න පුළුවන්. ඒ නිසා කිසිදේකට බයවෙන්න දෙයක් නෑ.
මේ රෝගය වැලදිලාද කියලා දැනගන්න පුලුවන් රුධිර පරීක්ෂණයක් මගින්. එය පෞද්ගලික අංශයෙන් හෝ රජයේ රෝහල් මගින් කරගන්න පුලුවන්. ඔබටත් මේ ගැන සැකයක් එනවනම් වහාම ක්‍රියාත්මක වෙලා රුධිර පරීක්ෂනයක් කරගන්න. වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න.
එච්.අයි.වී රෝගියෙකු හදුනාගත්ත කියලා ඇය/ඔහු කොන් කිරීමට අවශ්‍ය වෙන්නේ නෑ. මොකද මෙවැනි රෝගීන් ආශ්‍රය කරා කිියලා මේ රෝගය බෝ වෙන්නෑ. හැබැයි ආශ්‍රය කරනවා කීවට ලිංගිකව ඇසුරුරොත් නම් මේක අනිවාර්යෙන් බෝ වෙනවා. අපි එකෙන් අදහස් කරේ, එම රෝගියා සමග කතාබහ කිරීමෙන්, අතට අත දීමෙන්, එම රෝගියා භාවිත කළ පිගන් කෝප්ප පරිහරණය කිරීමේන මේ රෝගය බෝ වෙන්නෑ කියන එකයි.
ඉතිං යාළුවනේ ඔබත් මේ රෝගය පිළිබද දැනුවත් වෙමින් අනිත් අයටත් මේ පිළිබදව දැනුවත් කරලා මේ රෝගයෙන් බිලිගන්න ජීවිත ගණන අඩුකරගන්න ඔබත් දායක වන්න.

මොහොතක් සිතන්න මෙි ගැනත්
ලොකයේ වෙනත් රටවල් දෙස විමසිලලෙන් බලන්න. ඒ රටවල් සමග සසදන විට අපේ රට කොයි තැනකද ඉන්නේ කියල හිතාගන්න පුළුවන් නේද?ි මුලින්ම අපි ටිකක් ඒ ගැන කතා කරලා හිටියොත් හොදයි කියලා අපිට හිතෙනවා.
ලංකාවේ පුද්ගලයන්ගේ පුරුද්දක් තියනවා, දෙයක් දිහා බලද්දි බලන්නේ ඒකේ බාහිර ඔපය පමණයි. මම එසේ සදහන් කලේ මොකද, මම මුලින්ම කතා කරා අපි වෙනත් රටවල් දෙස පොඩ්ඩක් බලමු කියලා. එවිට කෙනෙක් එකවරම කියයි, Aඅනේ ඒ රටවල් හරිම දියුනුයි නේද? අනේ මටත් එහෙ යන්න තියනවනම්A කියලා.
ඔන්න ඕකයි අපේ තියන දුර්වලතාවය. අපේ මිනිස්සු බලන්නේ අනුන් දියුනු කරපු රටක ගිහික් ජීවත් වෙන්න, සැප විදින්න විතයි. මොහොතකටවත් හිතන්නෑ ඒ රටවල් දියුනු උනේ කොහොමද කියලා. මම හිතන විදියට මේක ලාංකිකයො හැටියට අප ලැඡ්ජා විය යුතු කාරනයක් නේද?
ඇයි අපිට දියුනු වෙනන් බැරිද? අපි මොඩයෝද? ඉහත සදහන් කළ කාරනය කොයිතරම් දුරට සාධාරනද කියලා ඔබම සිතා බලන්න. ලංකාවේ පඩි මදි කයලා වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වෙනත් දියුනු රටවලට යනවා ඔබ අනන්තවත් අහලා තියනවා නේද? නමුත් ඒ අය ඉගෙනගත්තේ ලංකාවේ දුප්පත් මිනිස්සු රජයට ගෙවපු බදු වලින් නේද? . ඒ ගැන මම වැඩිදුර කතාකරන්න බලාපොරොත්තු වෙන්නෑ ඒක අපිට අදාල නොවන නිසා. මම ඒ කීවේ උදාහරණයක් විතරයි.
ඉතිං අනන් ඒ වගේ හිතන පතන අය නිසා තමයි ලංකාව දියුනු වෙනනැත්තේ. තවත් බොහෝ කාරනා නම් තියනවා. නමුත් ඒ පිළිබදව කතාකිරීමට ගියොත් අපිට අපේ වැෙඩි කරගෙන යන්න බාධා එනවා. ඒ නිසා කතා නොකර ඉමු.
ඉතිං මම අහන්නේ අපි හැමදාම මෙහෙම්මම ඉන්න ඕනෙද? ලංකාවෙත් විදුලි දුම්රිය, ඔන්ලයින් මාකට්- දියුනු ප්‍රවාහන ක්‍රම ආරම්භවෙලා දියුනු ලංකාවක් දකින්න කවුරුත් ආසා කරන්නෑද්ද? වෙන කවුරුවත් දිහා බලාගෙන, වෙන කවුරුහරි කරනකම් බලාගෙන හිටිියාම හරිද?
අපි අපේ සමහර මිනිස්සුන්ගේ පුරුදු ටිකක් කතා කරලම මාතෘකාවට එමුකො. මම ප්‍රවෘත්ති වල ගොඩක් දැකලා තියනවා පාරට එයාලම කුණු දානවා. දාලා ආණ්ඩුවට බනිනවා කුණු ගෙනියන්න එන්නේ නෑ කියලා. මමනම් ඒ මිනිස්සුන්ව දකින්නේ ඇත්තටම තිරිසන්නු විදියට. මොකද-ඔළුව කල්පනා කරලා වැඩක් කරන්න බැරි තිරිසන්නුනටනේ නේද. හරකෙක් ගහක බැන්දාම ගහ වටේට තියන තනකොල ටික කකා ජීවිත කාලෙම උනත් ඉන්නවානේ. මොකද ඒ සත්තුන්ට කල්පනා කරන්න මොලය දියුනු නැති නිසානේ. නැත්තම් එයාත් තනකොළ වවාගෙන කනවනේ. ගහක බදින්න ඔනෙත් නෑනේ. කෑම කාලා හවසට ගෙදර එන්න පුළුවන්නේ. නමුත් එහෙම වෙන්නැත්තේ ඒ සත්තුන්ට හිතන්න බැරි නිසානේ. ඉතිං අර කුණු ප්‍රශ්නෙත් එහෙමනේ. කූණු ටික එයාලාම පාරට දාලා වෙන කෙනෙක් එනකම් බලාගෙන ඉන්නවා. නමුත් ඔතන මෙලේ තියන කෙනෙක් හිටියනම් මෙහෙම කරන්න තිබුනනේ.
එයා කියයි, ඔයාලා කුණු ටික අපේ වත්තට දානන්. මම මොනවාහරි කරන්නම් මේ ප්‍රශ්නේට A කියලා එයා මෙනා කරයිද? එයාට මෙහෙම කරන්න පුලැවන්. දිරන ද්‍රව්‍ය ටික වෙනම ගොඩකට වෙන් කරන්න පුළුවන්-. යකඩ කෑලි, ප්ලාස්ටික් කෑලි ටික වෙනම ගොඩකට වෙන් කරන්න පුළුවන්. ඊටපස්සේ දිරන කුණු ටික තියනවනේ. ඒවා ටික එකතු කරලා ටැංකියක් වගේ හදලා ජීව වායු නිපදවන්න පුළුන්. ජීව වායු ගෙදර උයන පිහන වැඩ වලට යොදාගන්න පුළුවන්. තවත් ටිකක් කල්පනා කරොත් ජිව වායු දහනයෙන් විදුලිය නිපදවගන්න පුළුවන්. එතකොට ගෙදරට විදුලි බ්ල් එන්නේ නෑ. ගෑස්, දර හොයන්න වෙන්නේ නෑ. කුණු පොඩ්ඩක් නෙවේනේ එන්නේ. ගමේම කුණු එනවනේ. ඉතිං ටිකක් ලොකුවට ව්‍යාපාර පටන්ගෙන, තව යන්ත්‍ර ටිකක් නිර්මාණය කරලා ගමටම ගෑස්, විදුලිය අඩු මුදලට ලබා දීලා අමතර ආදායමකුත් ගන්න පුළුවන්. ඇයි ගෑස් නිපදවලා ඉතිරිවන කාබනික ද්‍රව්‍ය වලින් කොම්පෝසටි පොහොර හදන්න පුළුවන්නේ. ඒවා තමන්ගේ ගෙවත්තේ වගාවන්ට දාන්න පුළුවන්. ඒවා උපයෝගී කරගෙන ලොකු වගාවක් දාන්න පුළුවන් . ඒකෙන් තමන්ගේ නිවසට අවශ්‍ය කරන එලවලු පළතුරු ටික වස විස නෑතිව ගන්න පුළුවන්. අමතර එලවලු පළතුරු ටික විකුණගන්නත් පුළුන්නේ. ඒකෙනුත් හොද ආදායමක් ලබාගන්න පුළුවන්.
තව ඉතුරුයි නේද යකඩ කෑලි ටිකයි ප්ලාස්ටික් කෑලි ටිකයි? . ඒවා එකතුකරන්න ගෙදරටම දැන් වාහන එනවානේ. ඉතිං ඒ ටික විකුණලා ඒකෙනුත් සල්ලි ගන්න පුළුවන්. ඇයි පොලිතින් කවර? ඒවගේ එක එක පැල වරිග හිටවන්න පුළුවනනේ.
බලන්නකො අහක දාන කුණු ටිකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන. මේ ටික හිතන්න බැරි ම්නිස්සු ඉතිං නගරසභාවෙන් කුණු ලොරිය ආවේ නෑ කියලා ප්‍රවෘත්ති වලටත් කියනවා. පත්තර වලත් දානවා. උද්ගෝෂණ කරනවා. පෙළපාලි යනවා. පුදුම මොඩ මිනිස්සු නේද. පිස්සො. තිරිසන්නු. එ වගේ අයට ඉතිං කියන්න නම් නෑ.
ඔන්න ඔය තත්වේ නිසා තමයි ලංකාව දිියුනු කරන්න බැරි. මොකද මිනිස්සුන්ගේ ආකල්ප දියුනු නෑ. ලංකාවේ මිනිස්සුන්ට තවත් ලෙඩක් තියනවා. ඒ තමා තමාගේ දේ විසික්කනවා. අනුනගේ දේවල් අගය කරනවා. අනුනගේ දේවල් අගය කරන එක හොද වැඩක්. එහෙම අයය කිරිමක් නෙෙවි මම කියන්න හදන්නේ. පිටරටින් මොන කුණුගොඩ ආවත් ඒක ඉස්මුදුන්න පිළිගන්නවා. ලංකාවෙ නිෂ්පාදනයක් දිහා ඇහැක් ඇරලවත් බලන්නෑ . පොඩ්ඩක් බලන්න ඔබ ඔලුව පීරන පනාව. ඕකේ මහලොකු දෙයක් තියනවද? නිකම්ම ප්ලාස්ටික් කෑල්ලක්නේ. ඒත් පොඩ්ඩක් බලන්න ඕක හදලා තියන රට. චීනය. ඉතිං ඕක අපේ රටේ හදාගන්න බෑනේ. අපි අපි ගැනම ලැඡ්ජා වෙන්න ඕනේ නේද?
නමුත් ඉන්දියාව බලන්න. ඒ රටවල් ඉස්සරලම ගන්නේ තමන්ගේ රටේ හදපු දේවල්. කරන්නම දෙයක් නැත්තම් තමයි වෙනත් රටක දෙයක් ගන්නේ. හොදට බලන්න ඒ රටේ තියන වාහන. වැඩියෙන්ම තියන්නේ ඒ රටේ හදපු වාහන. අපේ රටේ මිනිස්සුනගේ හැඩරුවත් ඉන්දියාවේ වාගෙමනේ. ඒ මිනිස්සුන්ට වාගෙම අපේ රටේ මිනිස්සුන්ටත් මෙළයක් තියනවනේ. ඉතිං ඇයි එහෙනම් අපිට බැරි? මොකද්ද ප්‍රශ්නේ? මම දැක්කා අපේ රටේ තරුණ තරුණියොත් නව නිර්මාණ කරලා තියනවා. ඒත් ඒවා ඒ වෙලාවට විතරයි. පස්සේ ඒවාට වේයො අල්ල අල්ල ගෙදර මුල්ලක. ඔන්න ඕකයි අපේ රටේ තත්වේ.
මේක වෙන මිනිස්සු බලාගෙග හිටපුවාවේ. නමුත් අපේ කණ්ඩායමට මේක බලාගෙන ඉන්න බෑ. අපිට ඕනේ මේ රට දියුනු වෙනවා දකින්න. අපේ රටේ දියුනුව ආරම්භ කරන්න. අනුන්ට දොස් කිය කිය ඉදලා හරියන්නෑ. අපි මේක පටන්ගන්න ඕනේ. අපි කරන දේ හරි කියලා හිතෙන අය පස්සේහරි අපිත් එක්ක එකතුවෙයිනේ.
මම දැක්කා ඕඩිනෝ කියලා එක්තරා උපකරණයකින් ලංකාවේ දක්ෂයො ටිකක් එක එක වැඩ කරනවා. ඇත්තටම ඒ වගේ තරුණ තරුණිියන් ගැන මට හරි ආඩම්බරයි. හැබැයි එතන පොඩි ගැටලුවකුත් තියනවා. මොකද ඒ අය දැනට හදන්නේ සෙල්ලම භාන්ඩ වගේ දේවල්. ද්‍රෝන යානා. පුංචි පුංචි රේඩාර උපකරණ, විවිධ ආලෝක රටා වගේ දේවල් නේද? නමුත් යාළුවනේ ඔයාලට මීටත් වඩා ගොඩක් දුර යන්න පුළුවන්. ඔයාලා දැනට කරගෙන යන විදිිය හුගාක් හොදයි. මොකද ඉතිං හැම දේම පටන් ගන්න වෙන්නේ පුංචි තැනක ඉදලනේ. ඉතිං අපි කල්පනා කරා ඒ අය එකතු කරගෙන ප්‍රයොජනවත් නිෂ්පාදන හදන්න. එතකොට ඒකෙන් එයාලටත් හොද රෑකියා අවස්ථා ලැඛෙන්වා. අතමිට සරු වෙනවා. ලංකාවත් නිකම්ම දියුනු වෙනවා. එතකොට ඒ අය ජාතික වීරවරු වෙනවා. මම සිතතන ආකාටයට සැබවිනම් ඔවුන් වීරවරුන් ලෙයයි මා දකිනනේ මොකද, ඒ අයට උනන්දුවක් තියනවා අලුත් අලුත් දේවල් අත්හදා බලන්න. ඒ උනන්දුව හා කැපවීම නිසා නව නිර්මාණ බිහිවෙනවා. ඒ නව නිර්මාණ වලින් ලංකාව දියුනු වෙනවා. ඉතිං මේ රට දියුනු කරන්න උරදෙන වීරවරුන් වෙනවා නේද ඔවුන්. ඉතිං අපි කැමතී ඒ අයත් එකතුකරගෙන ඉදිරි ගමණක් යන්න. අපිට පුලුවන් විදියට අපි උදවු කරනවා. මිලමුදල් වලින්නම් දැනට උදවු කිරීමට අපිට හැකියාවක් නෑ. නමුත් වෙනත් ක්‍රම වලින් අපිට හැකි පමණින් උදවු කරනවා. දැනට අප සමග සම්බන්ධ වී සිටින අයටත් ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.
අපේ රට දියුනු කිරීමේ ගමනේ මුලින්ම අප තෝරාගත්තේ ටෙලිමෙඩිසින් කියන ව්‍යාපෘතියයි. මොකද, මොන දේ කළත් ලෙඩක් හැදුනාම අනිවාර්යෙන් වෛද්‍යවරයෙකු වෙත තරාතිරමක් නෙසලකමින් ඕනෑම අයෙකුට යාමට සිදුවීම නිසා. නමුත් දැනට ලංකාවේ සෞඛ්‍ය තත්වය පවතින ආකාරයට බොහෝ දෙනා කියන පොදු වාක්‍ය තමයි A ඉස්පිරිතාලෙට ඛෙහෙත් ගන්න යනවට වඩා හොදයි මැරෙනවාA කියන එක. මේ තත්වේ තියන්නේ දුප්පත් ජනතාවට හා මධ්‍යම පන්තියේ ජනතාවටයි’. මම කියන නිසා නෙවෙයි. නිකමට රජයේ රෝහලක් වෙත යන්න. යනකොටම තුන්ඩු ලියන හෙද සහයක මහත්මා හෝ මහත්මිය ඉන්නවා. පෝලිමේ පැය ගානක් ඉදල යන්තම් එතෙන්ට ලං වෙනවා. ඒ මහත්වා / මහත්මිය ගහගන්න වගේ අහනවා
Aමොකද්ද නම A කියලා. නමයි වයසයි කීවාම තුන්ඩු කෑල්ලක ඒක ලියලා ෙමිසේ කොනකට වීසි කරනවා. ඒක අරගෙන අය වෛද්‍යයවරයා හමුවීමට පෝලිමේ ඉන්න වෙනවා පැය ගානක්. ඒ ඉන්නකොට සංගීත පුටු තරගෙකට වගේ නැගිටිනවා, අයේ ඉදගන්නවා, පැය ගානක් ඒ සෙල්ලම කරනවා, උන එහෙම හැදිලා ගියොත් උන දෙගුණ වෙනවා, පැය ගානකින් පස්සේ වෛද්‍යවරයා වෙත ගිහින් ඛෙහෙත් ලියාගෙන අය ඛෙහෙත් ගන්න පෝලිමේ ඉන්න වෙනවා, එතනින් කියනවා Aමෙන්න මේ ඛෙහෙත් එක මෙහෙ නෑ. ෆාමසියෙන් ගන්න A කියලා, අය ෆාමසියක් හොයාගෙන යන්න වෙනවා. ඔය අතරේ තව ගෙඩක් දේවල් වෙනවා. හැමදේම කියන්න බෑ.
ඉතින් ඔය රස්තියාදුව නිසා කීයක් හරි නයට හරි හොයාගෙන පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය වෙත යනවා. එතනට ගිහින් ඛෙහෙත් අරන් බිල ගෙවන්න ගියාම හෘරදයාබාද හැදිලයි නතරවෙන්නේ. මේ පිලිබදව මා හට උදාහරණ එමට ඇත. මෙකද මම සේවය කළ රෝහලේදී විවිධ තරාතිරම් වල පුද්ගලයින්ගේ ගැටලු සියැසින්ම දුටු නිසයි. මම කිහිපයක් මෙසේ සදහන් කරන්නම්.
දවසක් එක්තරා කාන්තාවක් ආවා පාදයේ තුවාලයක් පැසවලා. ඒක විශේෂඤ වෛද්‍යවරයෙකුට පෙන්වීමට. චැනල් ගාස්තුව 1300 යි. වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළපසු ඔහු පැවසුවෙි මෙය සැත්කමක් මගින් කපා ඉවත් කළ යුතු අතර ඒ සදහා රු 15 000 ක් පමණ යන බවයි. ඒස සැත්කමට වැයවන වෛද්‍ය ගාස්තු පමණි. සැත්කමෙන් පසුව එම පෞද්ගලික රෝහලේ දින කිහිපයක් නේවාසිකව ප්‍රතිකාර කළ යුතුයි. මේ සියලු ගාස්තු සලකා බැලීමේදී ආසන්න වශයෙන් රු 30 000 ක් වත් අනිවාර්යෙන් වැය වෙයි.
එම අවස්ථාවේ ඔවුන්ට කරගනීමට දෙයක් නොමැතිව අසරන විය. ඒ අවස්ථාවේ රෝහලේ භාහිර රෝගී අංශයේ රාජකාරියේ යෙදී සිටියේ දැන් අප සේවාජාලයේ ප්‍රධාන වෛද්‍ය නිළධාරී මහතා වන වෛද්‍ය රාඡේන්ද්‍ර විඡේ’තුංග මහතායි. එම කාන්තාව හා පවුලේ අය භාහිර රෝගී අංශයට පැමිණියේ සැත්කමකින් තොරව ඛෙහෙත් ට්කක් දැගෙන ගෙදර යැමටයි. මොකද අරතරම් විශාල මුදලක් ඔවුන්ට වියදම් කිරීමට නොහැකි බැවිනි. එමෙන්ම මේ සියළු විස්තරය ඔවුන් වෛද්‍යය රාඡේන්ද්‍ර විඡේතුංග මහතාට පැවසුවා. රාඡේන්ද්‍ර මහතා කෙතරම් කාරුනික හා දක්ෂ වෛද්‍යවරයෙක්ද යන්න මම එදා දැනගත්තා. ඔහු තුවාලය පරීකෂා කරා. ඛෙමෙත් දාන ස්ථානයට ගන්න කියලා මට කීවා. මම හා තවත් හෙද නිළධාරිණියක් එක්වා සියල්ල සූදානම් කලා. වෛද්‍යවරයා පැමිණ සුළු සැත්කමකින් එම තුවාලයේ සැරව ඉවත් කර ඛෙහෙත් දැම්මා. සති 3 කට පමණ පසුව නැවත එම කාන්තාව හා පවුලේ උදවිය පැම්ණ විඡේතුංග මහතාට ගොඩාක් ස්තූතී කලා . තුවාලය සම්පූර්ණයෙන්ම සුව කලා. රුපියල් 30 000 ක් වැයවනවා කියු කාරණය රු 500 කින් පමණ සුව කළා. නමුත් එම මොහොතේ වෛද්‍ය විඡේ’තුංග මහතා නොසිටියේ නම් සමරවිට කකුල ඉවත් කරලා. ලක්ෂ ගානක් වැය කරලා.
ඉතින් මෙන්න මේකයි අද ලංකාවේ තත්වය. සල්ලි තිියන කෙනා ඛෙහෙත් අරන් ඉක්මනින් සුව වෙනවා. නැති කෙනා නැත්තටම නැති වෙනවා. මෙන්න මේ හේතු නිසා හා මෙවැනි අද්දැකීම් නිසා වෛද්‍ය රාඡේන්ද්‍ර විඡේතුංග මහතා හා අපගේ කණ්ඩායම එක්ව මෙවැනි නව සේවාවක් ආරම්භ කිරීමට තීරණය කළා. මෙමගින් රෝගීන්ට නිවසේ සිටම වෛද්‍යවරයෙකු මුනගැසීමට හැකියාව හිමිවනවා මෙන්ම රජයේ රෝහලක් වෙත යාමට වැයවන ප්‍රවාහන ගාස්තු වලටත් වඩා අඩු ගාස්තුවක් ගෙවා ප්‍රතිකාර ලබාගැනීමේ හැකියාවත් පවතිනවා. අවශ්‍යය අවසුථාවක නොම්ලො පවා ප්‍රතිකාර කිරීමට අප සූදානමින් සිටිනවා.
මෙම සේවාව පිළිබදව තවදුරටත් කතා කරොත්, මෙය ඉතා දියුනු රටවල සාරථකව සිදුකරගෙන යන සේවාවාක්. ඉන්දියාවේ පවා ඉතා සාරථක අයුරින් මෙම සේවාව පවත්වාගෙන යනවා. මෙහිදී සිදුවන්නේ අන්තර්ජාලය මගින් දුර සිඑින රෝගීන් සම්බන්ධ කරගනිමින් පරිගණකයට සම්පන්ධ කළ හැකි යම් යම් වෛද්‍ය උපකරණ භාවිතා කරමින් රෝගීන් පරීකෂා කර ප්‍රතිකාර ලබා දීමයි’.
මෙය ඉතා සාරථක හා පහසු ක්‍රියාවලියක් උවද, මෙය ලංකාව වැනි රටක ක්‍රියාත්මක කිරීමේදී ගැටලු කිහිපයක් මතුවෙනවා .විශේෂයෙන්ම අපිට පවතිනනේ තාකෂණික ගැටලුයි. ලංකාවේ සෑම පුරවැසියෙකුටම පරිගණකයක්, ස්මාට් දුරකථනයක් නෑ, තිබුනත් ඒක හරියට පාවිච්චි කර්න්න දන්නේ නෑ, මම සේවය නළ රෝහලේ එක්තරා වෛද්‍යවරියකට සියලු පහසුකම් සහිත ඉතා වටිනා ජංගම දුරකතනයක් තියනවා. එහි ස්කයිප් පහසුකම් ඇතුලු සියලුම පහසුකම් තියනවා. ම්ලෙන් ඉතා අධිකයි. නමුත් ඇය එම දුරකථනය භාවිතා කරන්නේ ඇමතුම් ලබාගැනීමට පමණයි. කෙටිපණිවිඩයක්වත් බැලීමට ඇය දන්නේ නෑ. ඒවගේම තවත් වෛද්‍යවරයෙක් සිට්නවා. ඔහුට ඉතා වටින් ලැප්ටොප් පරිගණකයක් තියනවා. ඔහු දන්නේ ඒකෙන් ෆේසබුක් යන්න විතරයි. ඉතිරි සේරම මා ඇතුලු මගේ මිත්‍ර හෙද නිළධාරියගෙන් තමයි දැනගන්නේ. ඉතින් අපිටත් රාජකාරී කරනවට අමතරව පරිගණක පාඨමාලා දාන්නත් සිද්ද උනා. ඔන්න ඕකයි ලංකාවේ තත්වේ. සමහර අය ඉන්නවා අති දක්ෂ අය. ඒ අයට සම්පත් නෑ. සම්පත් තියන අය ඒවා හරිහැටි භාවිතා කරන්න දන්නේ නෑ. මේ කාරනා නිසා අපගේ සේවාව පවත්වාගෙන යාම විශාල අභියෝගයක් වෙනවා.
මේ ගැටලුව සම්බන්ධව අපි සාකච්චා කරා. එහිදී අපිට මෙවැනි විසදුමක් ආවා. හැම පුරවැසියෙකුටම පරිගණකයක් නැතිවෙන්න පුුලුවන්. නමුත් එක ගමක නිවාස 20 ක් ගතහොත් එයින් එකකවත් පරිගණක දැනුම සහිත පුද්ගලයෙක් ඉන්න පුලුවන්. එබැවින් එම පහසුකම් සහිත පුද්ගලයගේ නිවසේ සේවා මධ්‍යස්ථානයක් ආරම්භ කලහොත් පරිගණක නොමැති අයට ඔහු වෙත පැමිණ අපගේ සේවාව ලබාගන්න පුලුවන් වෙනවා. මෙන්න මේ කාරනය නිසා තමයි අප උත්සාහා කරන්නේ ලංකාවේ හැකි පමණින් අපගේ සේවා මධ්‍යස්ථාන ජාලය පුලුල් කරන්න. එමෙන්ම ඒ නිසා රැකියා දහස්ගණින් බිහිවෙනවා. ඒ වගේම මෙමගින් තවත් ලංකාවට සේවාවක් වෙනවා.
දැනට පාසල් වල විෂයක් තිියනවා තොරතුරු හා සන්නිෙවිදන තාක්ෂණය කියලා. මේකෙදි උගන්වනවා පරිගණක තාක්ෂණය යොදාගන්නා ක්ෂේස්ත්‍ර . එහි මම දැක්කා තොරතුරු තාක්ෂණය සෞඛ්‍ය ක්ෂේස්ත්‍රය සදහාද යොදාගනී කියලා දෙයක් ලියලා තියනවා. නමුත් ළමයින්ට මේක පේන්නේ බොරුවක් වගේනේ. සාමාන්‍ය රෝහලක අඩුම තරමින් රෝගීන් ලියාපදිංචි කරන්නවත් පරිගණකයක් යොදාගන්නවද? ලොකු රෝහල් වල හැර මමනම් දැකලා නෑ ප්‍රාදේශීය රෝහල් වල කැඩුනු පරිගණකයක්වත් තියනවා. ඉතින් ළමයි මේක කටපාඩමින් විභාගෙට ලියනවා විනා සැබෑ ලෝකයේනම් කිසිදිනක මෙවැනි සේවාවන් දැකලා නෑ.
නමුත් අපගේ සේවාව හරහා සෞඛ්‍ය ක්ෂේස්ත්‍රය සදහා පරිගණක යොදාගන්නේ කෙසේදැයි මනාව අවබොධ කරගැනීමට හැකියාව පවතිනාවා. එමෙන්ම මෙහිදී පාසල් සිසු සිසුවියන්ට විවිධ වැඩසටහන් මගින් මෙම තාකෂණය හුරු කිරීමටද අප බලාපොරොත්ත, වෙනවා.
ඔබත් දැනට පරිගණකය භාවිතා කරන්නේ මෙනවගේ වැඩකටද? . චිත්‍රපටයක් බලන්න, ගේම් රකක් ගහන්න, සින්දු අහන්න, ෆේස්බුක යන්න වගේ විනොදාස්වාදය සදහායි. මෙවැනි දේවල් නිසා මුදල් වැයවනවා මිස ඔබට මුදල් ලැඛෙන්නේ නැත. නමුත් පරිගණකයෙන් කරන්න පුලුවන් මෙච්චරද? . මෙන්න මෙතනදී තමයි මම මුලින්ම අර කුණු ප්‍රශ්නේ කීවා වගේ ඔබේ චින්තනය වෙනස් කරගත යුත්තේ. කුණු තියන්නේ විසික්කන්නනේ= නමුත් මම ඔබට පෙන්වලා දුන්නා කුණු වලින් ගෙදර වියදම් අඩු කරගෙන අමතර ආදායමකුත් ලබාගන්නා ආකාරය. ඉතින් මේකෙදිත් ඔබට කියන්න පුලුවන් A ගෙදර තියන කොම්පියටරෙන් ඒවා කරනනැතුව පොල් කඩන්නද A කියලා. හිතුවොත් බැරි නෑ පොල් කඩන්නත්. මොකද දැන් ඔඩිනෝ කියන උපකරනයෙන් යම්කිසි යන්ත්‍රයක් හදලා පොල් කඩන්නත් පුලුවන්. ඒක කරන්නේ පරිගනකයෙන්නේ . නමුත් මෙතනදී අපි පොල් කඩන්නනම් නෙවේ කියලදෙන්න යන්නේ. ඔබේ ගෙදර තියන පරිගණකයේ අන්තර්ජාල පහසුකම් තියනවනේ. ලොකු වැඩ කරන්න නෙවේ, ෆේස්බුක් යන්න පුලුවනනේ. ඒ වගේම ස්කයිප් තියනවනේ. ඉතිං අපේ මධ්‍යස්ථානයක් දාන්න ඒක විතරක් හොදටම ඇතිනේ. අවශ්‍යනම් පොඩි බෝඩ් කෑල්ලක් ගහගන්න පුලුවන් A මෙහිදී ඊ ට්‍රීට් ආයතනයේ වෛද්‍යවරුන් සමග සම්බන්ධ කරගත හැක කියලා. ඊටපස්සේ කවුරුහරි ආවාම එයාට ස්කයිප් එක ඕපන් කරලා තමුන්ට පැත්තකට වෙලා බලාගෙන ඉන්නයි තියන්නේ. රෝගියා වෛද්‍යවරයා සමග කතා කරනකම්. විනාඩි 5 ක් යයි. නැත්තම් උපරිම විනාඩි 10 ක් ගතවෙයි. අතට සල්ලි. බලන්නකො විනෝදය සදහා භාවිතා කළ පරිගණකයෙන් ඔබට මුදල් ලැඛෙනවා. මම මෙහෙම කීවට දැන් මම සදහන් කලේ අප හා සම්බන්ධ වීමට අවම පහසුකම් සහිත මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන විදීය. එහෙමත් නැත්තම් මධ්‍යස්ථානයක් ආරම්භ කරන විදය. පසුව් ලැඛෙන ආධායම්න් දියුනු උපකරන ලබාගෙන සේවා මධ්‍යස්ථානයේ පහසුකම් වැඩිකළ යුතුයි. නමුත් ආරම්භ කිරීමට මෙය ප්‍රමාණවත්.
මෙන්න මේවගේ ටිකක් වෙනස් විදියට හිතන පිරිස අපිට අවශ්‍යයි. මේවගේ දෙයක් කරන්න පුලුවන් කාටද? . ඔබ ගෘහනියක් නම්. කම්මැලිකම යන්නත් එක්ක වෙවැනි මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන්න පුලුවන්නේ. එවගේම අමතරව හොද දැනුමක් මේකෙන් ලැඛෙනවනේ . පවුලට අමතර ආධායමකුත් ලැඛෙනවා. ඒ වගේම උසස්පෙළ අවසන් වෙලා ඉන් අය,නැත්තම් තවමත් පාසල් යන අයටත් මේ වගේ මධ්‍යස්ථානයක් කරගෙන යන්න පුලුවන්. ඒකෙන් දෙමාවුපියන්ට බරක් වෙන්නැතුව තමන්ගේ අධ්‍යාපණ කටයුතු වලට අවශ්‍ය මුදල් තමන්ටම හොයාගන්න පුලුවන්නේ . ඊට අමතරව ඔවුන් වෛද්‍යවරයින්, හෙද නිළධාරීර වීමට කැමැත්තේන් ඉන්නවානම් මේක හොද අද්දැකීමක් වෙනවා. පාසල් ළමුන්ට තවත් ප්‍රයොජනයක් මේකෙන් තියනවා.
උසස්ලෙළට ව්‍යාපෘතියක් කරන්න කීවාම ගෙඩක් අය කරන්නේ මොනවද? වැඩිදෙනෙක් අනුන් කරපු එකක් ගිහින් දෙනවා. තවත් අය කවි ලියනවා. තීන්ත ගාලා දීලා වාර්ථාවක් දෙනවා. ඒ වගේ වැඩෙන් ඛෙිරෙන්න එක එක විකාර කරනවා. ඒවා පාසලට වැඩකුත් නෑ, තමන්ට වැඩකුත් නැ- රටට වැඩකුත් නැ. නමුත් දැන් ඔබට අවස්ථාව තියනවා ලංකාවේ දැනට පවතින රෝග මොනවාද, ඒවා වලක්වාගන්නේ කොහොමද,ඒ රෝගීන්ට එම රෝගය වැලදුනේ කොහොමද කියලා ඒ රෝගීන් එක්කම කතා කරලා ඒවා අනෙක් අයට දැනුවත් කරන්න , නව වෛද්‍ය උපකරණයක් නිර්මාණය කරන්න, වාගේ රටට ලෝකයට වැඩක් තියන ව්‍යාපෘති කරන්න. අපිත් උදවු කරනවා. ඒකට වැඩි කාලයක් යන්නෙත් නෑනේ. පරිගණකය ඉස්සරහට ගියා, අපිත් එක්ක සම්බන්ධ උනා, තොරතුරු ගත්තා, ව්‍යාපෘතිය කරා. බලන්න එවැනි දෙයක් කොච්චර අපේ රටට ප්‍රයොජනවත් වෙිවිද කියලා. ඒ වගේම ඒ ලබන අත්දැකීම් ඔවුන්ට කොතරම් ප්‍රයෝජනවත්ද තමන්ගෙම ජීවිතේට. ඉතින් ඔන්න අපි පාසල් ළමුන්ටත් විවෘත්ත ආරාධනයක් කරනවා අපිත් එක්ක එකතුවෙන්න කියලා ඒ වගේ දේවල් ඇතුලු තවත් බොහෝ දේ කරලා අපේ රටේ දියුනුවට උරදෙන්න.
දැන් අපි කතා කරමු මේවගේ සේවාවක් අවශ්‍ය වෙන්නේ මෙනවගේ අයටද කියලා. මුලින්ම මම සදහන් කරානේ මෙම සේවාව පොදුවේ ඕනෑම කෙනෙකුට භාවිතා කිරීමට හැක කියලා. ඒ වගේම මෙම සේවාව භාවිතා කිරීමෙන් කොයිතරම පහසුවක් ඒ අයට අත්වෙනවද කියලාත් මම පැහැදිලි කරලා දුන්නනේ. ඊට අමතරව මෙම සේවව විශේෂ පුද්ගලයින් කිහිපදෙනෙකුට උපකාරී වෙනවා.
අපේ සමාජයේ බොහෝදෙනෙක් ලැඡ්ජාශීලි පුද්ගලයින්. අපි කියන්නේ ලැඡ්ජා බයට හැදුන වැදගත් ළමයි කියලා. ඉතින් අපි සාමාන්‍යයෙන් හොදට ඇග වැහෙන්න ඇදලා (අදකාලෙනම් පිරිමි විතරයි ඇග වැහෙන්න සංවර ඇදුම් අදින්නේ. කාන්තාවන් අඩනිරුවතින්නේ යන්නේ) යන්නේ. ඒ වගේම අපි කවුරුත් කැමති නෑ තමන්ගේ නිරුවත වෙන කෙනෙක්ට පෙන්වන්න. නමුත් රහස් ප්‍රදේශ වල යම් රෝගී තත්වයක් ඇතිඋවහොත් කොයිතරම් මානසිකව පීඩා විදිනවද? කොහොමද මේක තව කෙනෙකුට කියන්නේ? වෛද්‍යවරයෙක් උනත් මනුස්සයෙක්නේ. වෙන කෙනෙක් ඉස්සරහා තමන්ගේ රහස් ප්‍රදේශ පෙන්වන්න කවුද කැමති? මේ සදහා මම ලැබූ අත්දැකීමක් ඔබට කියන්නම්. මම රාජකාරීයේ යෙදී සිටියදී එක්තරා කාන්තාවක් අපගේ රෝහලට ආවා. අවේ නෑ බලෙන් වගේ ඇදගෙන ආවා වෙනත් කානතාවන් දෙදෙනෙකු විසින් . ඇය කොහොමත්ම කැමති උනේ නෑ වෛද්‍යවරයා වෙත යන්න. කොටින්ම කීවොත් පිස්සු හැදිලා වගේ කෑ ගැහුවා ආපසු යන්න. කාරනය විමසුවාම ඇයගේ රහස් ප්‍රදේශයේ දීර්ග කාලයක පටන් තුවාල ඇතිවෙලා අවසානේ ඒවට පනුවො ඇතිවෙලා. ඇය අවිවාහක කාන්තාවක්. කාන්තාවක් නිසා හෙද නිළධාරීන්ට අවසරයක් නෑ ප්‍රතිකාර කිරීමට එවැනි අවස්ථාවල. එබැවින් අපගේ හෙද සොයුරියක් පැමින ඇයට කරුණු පහදලා දීලා ප්‍රතිකාර කලා. හෙද සොයුරිය පැවසුවේ පණුවන් විශාල ප්‍ර්‍රමාණයක් ඉවත් කළ බවයි. බලන්න. මෙය කොයිතරම් සමාජ ප්‍රශ්ණයක්ද කියලා. අපි දන්නේ, ප්‍රතිකාර ලබාගන්න ඉදිරිපත් වෙන්නේ කිහිපදෙනයි. නමුත් මෙවැනි ගැටලු නිසා කීදෙනෙක් නම් දුක් විදිනවා ඇද්ද. ඉතින් මෙවැනි පුද්ගලයන්ට ප්‍රතිකාර ලබා ගැනීම සදහා හොදම අවස්ථාව අපගේ සේවාවයි. මොකද, මෙහිදී ඔවුන් කැමතිනම් වෛද්‍යවරයෙකු මුහුණට මුහුණ හමු නොවී ප්‍රතිකාර ලබා ගත හැක. කරන්නේ මෙහෙමයි. රෝගී ස්ථාන වල පැහැදිළ ඡායාරූප ලබා ගන්නවා. එය ඊ මේල් මගින් / එම් එම් එස් තාක්ෂණය මගින් වෛද්‍යවරුන් වෙත යොමු කරනවා. වෛද්‍ය ප්‍රතිකාරද ඔවුන්ට කැමති මාධ්‍යකින් ලබාගන්න පුලුවන්. ඉතින් රෝගීන් ප්‍රතිකාර ලබාගන්නවා කියලා ගෙදර අයවත් දන්නේ නෑ. එමන්සා තමාගේ රහත්ස්‍යභාවය රැකගනිමින් ප්‍රතිකාර ලබාගන්නත් පුලුවන් වෙනවා. මෙකද කාගෙවත් කකුළක තුවාලයක් දැක්කා කියලා ඒ කකුල අයිති කාටද කියලා කියන්න බෑනේ මූණ දකින්නැතුව.
මේ වගේම තවත් පිරිසක් ඉන්නවා රස්තියාදු වෙන්න කැමති නැති හො රස්තියාදු වෙන්න වෙලාවක් නැති. ඒ අයට හොදම විසදුම තමයි අපගේ සේවාව. කාර්යාලයේ ඉන්නගමන්, වාහනයක යනගමන් උවත් විනාඩි කිහිපයකින් අපගේ සේවාව සමග සම්බන්ධ වී ප්‍රතිකාර ලබාගන්න පුලුවන් වෙනවා. රෝහල් වෙත් යාමට, පෝලිම් වල සිටීමට අවශ්‍ය වන්නේ නෑ. එය සරලයි, නමුත් නිවැරදී.
එමෙන්ම අපගේ සේවාව මගින් තරුණ තරුණියන් ඇතුලු විශාල පිරිසකට රැකියා හිමිවෙනවා. රස්සා දියවු කියලා කෑ ගහන අයට දැන් කෑ ගහ ගහ ඉන්න අවශ්‍ය නෑ. අපිත් එක්ක එකතුවෙලා ජීවිතය ගොඩදාගන්න පුලුවන්.
එබැවින් මෙය රටේ දියුනුවටත් විශාල උපකාරයක් වෙනවා. දැනට අපි මෙම සේවාව ඉතා සරලව ආරම්භ කරන අතර ඉදිරියේදී ලංකාව පුරා රෝහල් ජාලයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. එමගින් සෑම තරාතිරමකම පුද්ගලයන්ට අපගේ සේවාව ලගාගැනීම සදහා පහසුකම් සපයා දීමට බලාපොරොත්තු වෙනවා . ඉතින් එන්න. ඔබත් අප හා එක්වන්න. ඔබේ දිවිය ජයගනිමින් රටටත් සේවයක් කරන්න.
No comments:
Post a Comment