තැලසීමියාව
මෙම රෝගී තත්වයත් පිටරටකින් අපේ රටට ආව දෙයක්. නමුත් දැන් ලංකාවේ බොහෝ ප්‍රදේශ වල තැලසීමියා රෝගය ව්‍යාපත වෙලා තියනවා. අපි මේ ගැන තේරේන සිංහලෙන් දැන් කතා කරමු. අපි කලින් සදහන් කරා, මේ රෝගය ලංකාවේ බොහෝ ප්‍රදේශ වලට ව්‍යාපත වෙලා තියන්නේ කියලා. ඒ ප්‍රදේශ වලින් වයඹ, උතුරුමැද. හා ඌව යන පලාත් ප්‍රධාන වෙනවා.
මේ රෝගී තත්වය බෝ නොවන රෝගී තත්වයක්. මේක පරම්පරාවෙන් පරම්පරාවට යන රෝගී තත්වයක්. ඒක මෙහෙම පැහැදිළි කරෝත්, අතීතයේ ඉදලම අපේ සිරිතක් තිබුනනේ නෑනලා මස්සිනාලා අතර විවාහයක්. ඒ වෙනුවෙන් නොයෙකුත් ගීත, කවි වාගේ දේවල් පවා නිර්මාණය වෙලා තියනවා. ඒ කියන්නේ ඒ විවාහය, නෑනා මස්සිනාලගේ ආදරය ඒ තරම් සුන්දර දෙයක්. නමුත් ඒ සුන්දර දේ අසුන්දර කරන්න මෙන්න මේ රෝගයට පුළුවන්. ඒ කීවේ මේ රෝගය ප්‍රධාන වශයෙන්ම බෝ වෙන්නේ නෑනා මස්සිනා අතර විවාහයෙන් හා ලේ නෑයන් අතර විවාහයෙන්. එහෙම කියලා නෑනා මස්සිනාල විවාහ හැම එකෙදිම මේ රෝගය බලපාන්නෑ. මේ රෝගය තියන / වාහකයන් දෙදෙනෙක් විවාහ උනොත් තමා මේ තත්වය බලපාන්නේ. බලපාන්නෙත් සැමියට හා බිරිදට නෙවේ. ඒ දෙන්නගේ එකතුවීමෙන ලැබෙන දරුවන්ට.
මේ රෝගයේ ආකාර දෙක්ක තියනවා. එකක් තමයි සුළු තැලසීමියාව.මේ තත්වයේදී රෝගියාගේ ශරීරයෙ ඇතිවල ලක්ෂණ වලින් රෝගියෙක්දැයි හදුනාගන්නට බැ. බාහිරින් පේන්නේ හොද නීරෝගී කෙනෙක් හැටියට. නමුත් උපතින්ම මෙයාගේ ලේ වල මේ රෝගී තත්යව තියනවා. මෙයාලට අපි කියනවා තැලසීමියා වාහකයන් කියලා. ඒ කියන්නෙ වෙනත් කෙනෙකුට බෝ කරන කෙනෙක් කියන එක.මෙ අය හදුනාගන්න පුළුවන් රුධිර පරීක්ෂණ වලින්. එය රජයේ රෝහලකින් හෝ පෞද්ගලික අංශයෙන් කරගන්න පුළුවන්.
දෙවනි තැලසීමියා වර්ගය තමයි "මහ තැලසීමියාව. මේ රෝගී තත්වය සුළු තැලසීමියාව සහිත මවක් හා පියෙකුට උපදින දරුවාට ඇතිවෙන්න පුළුවන්. එහි සම්භාවිතාව 25 % පමණ වෙනවා. මේ රෝගී තත්වයේදී සිදුවන්නේ රතු රුධිර සෛල අකාලයේ විනාශවෙන එක. ආසාධිත දරුවෙකු ඉපදිලා මාස 3ත් 18 ක පමණ කාලයකින් රෝගී ලක්ෂණ පෙන්වන්න පුළුවන්. එම දරුවෙකුට රෝගී ලක්ෂන හදුනාගත් වාහාම නිසි ප්‍රතිකාර ලබාදිය යුතු වෙනවා. එහෙම නැත්තම් දරුවා මිය යනවා.
මේ රෝගයෙදී රතු රුධිර සෛල අකාලයේ විනාශ වෙනවා වගේම ශරීරය තුළ අධික ලෙස තැන්පත් වීමක් සිද්ධවෙනවා. මෙම යකඩ ප්‍රධානවශයෙන්ම අක්මාව, අග්න්‍යාශය හා හෘදය ආශ්‍රිතව තැන්පත් වෙනවා. ඒ නිසා එම ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වය ක්‍රමයෙන් අඩු වෙනවා. අග්න්‍යාශය ක්‍රියකාරීත්වය අඩුවීම නිසා දියවැඩියා තත්වය ඇතිවෙන අතර එය උත්සනන් වීමේන් තැලසීමියා රෝගීන් බොහෝදෙනෙක් මියයනවා.
තැලසීමියා රෝගීනගේ බාහිර ලක්ෂණ කිහිපයක් ප්‍රධාන වශයෙන් දැකගන්න පුළුවන් වෙනවා. එනම් අසාමාන්‍ය ලෙස හිසේ හැටය වෙන්ස්වෙනවා, මෙකෙදි ලොකුම ගැටළුවක් විදියට අස්ථි තුනී වෙන එක හදුන්වන්න පුළුවන්. අස්ථි තුනී උනාම ඒ දරුවන් සිළු වැටීමකදී පවා අස්ථි බිදී යාමක් සිද්ධවෙන්න පුළුවන්. ඒ වගේම අත් පා සිහින් වීම නිසා මේ දරුවන්ට ඇවිදීමට පවා අපහසු වෙනවා. අග්න්‍යාශය මහත්වීම නිසා මේ දරුවන්ගේ උදරය අසාමාන්‍ය ලෙස මහත් වෙනවා.
මෙවැනි රෝගීන්ට සෑම මාසයකට වරක්ම රුධිරට ලබා දිය යුතු අතර සිරුරේ එකතුවන අමතර යකඩ ප්‍රමාණය ඖෂධ මගින් ඉවත් කළ යුතු වෙනවා. මෙය වියදම් අධික කටයුත්තක් වෙනවා. ඒ වගේම රෝගය නිට්ටවටම සුව කිරීමට ඖෂධ තාමත් හොයාගෙන නෑ
කොහොමහරි අපිට මේවා අහල කම්පා වෙන එක නෙවෙයි කරන්න තියන්නේ. මේ රෝගය වලක්වා ගෙනීමයි. එකට කරන්න තියන්නේ මෙච්චරයි. ඔබ විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටිනවනම් හෝ ඔබ පෙම්වතෙක් හෝ පෙම්වතියක්නම් පොරොන්ද්ම් ගැලපෙනවද කියන කාරනය බලන්න කලින් රුධිර පරීකෂණයක් කරගෙන තැලසීමියා වාහකයෙකුද යන්න සොයාබැලීමයි. මෙම රුධිර පරීක්ෂණ රජයේ රෝහල වල නොමිලේ සිදිකරන අතර හැකි ඉක්මනින් ඒ සදා යොමුවන ලෙස අප ඉල්ල සිටිනවා. මොකද එමගින් ඔබේ ජීවිතය සැපවත්ව ගතකිරීමට හැකි අතර තවත් ජීවිතයක් මේ රෝගයෙන් බේරාගත හැකිවන නිසාය.



No comments:
Post a Comment