අපි මෙවැනි
සේවාවක් ආරම්භ කිරීමට හේතු උන කාරනා ගනනාවක් තියනවා. අපි ඒ එක එකක් ගැන පිළිවෙලින්
කතා කරමු. මේවනවිට ලෝකයේ බොහෝ රටවල් තාක්ෂණය අතින් ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. කොයිතරම්ද කීවොත් වෙනත් ග්‍රහලෝක වලට පවා ගිහින්
පර්යේෂණ කරනවා. ඒ වගේම ඒ රටවල් වල ගොඩක් වැඩකටයුතු online නිවසේ ඉදලම කරගන්න පුළුවන්.
ඒ නිසා ඒ රටවල් වල ගැටළු අඩුයි. හැමදේම පහසුයි. හැමදේම ඉතා ඉක්මනින් තප්පර කිහිපයක්
ඇතුලත නිවැරදිව කරගන පුළුවන්. ඒ විතරක් නේවේ. නව නිපැයුම් කිහිපයක්ම දිනකට ලොකයට ඉදිරිපත්
කරනවා. එමගින් අසීමිතව ඒ රටවල් මුදල් උපයනවා.
නමුත්
කියන්න කනගාටුයි, අද ලංකාවේ තත්වේ මොකද්ද? වදින කෙනෙකුට වදි. ඒත් අපි ඇතත කතා කරනවා. අපි කියන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ මානසිකත්වය හැදිල තියන්නේ බොහොම පරගැති විදියට. තාමත් යටත්විජිත සමයේ වගේ. ඔබම මොහොතක් හිතල බලන්න, අපි වෙළදසැලකට ගිහින් යම් භාන්ඩයක් ගන්න අතරතුර ඔබට අනන්තවත් මෙවැනි දේ ඇහිල ඇති,
වෙළද
මහත්මා පවසනවා" මහත්තයා මේක ගන්න. මේක ජපන් එක. තව එකක් තියනව කොරියන්"
එතකොට
පාරිබෝගිකය කියනව" මේක ගනන් වැඩිනේ. අඩු එකක් නැද්ද?"
වෙළද
මහත්මා " ලෝකල් එකනම් තියනව මහත්තයා. හැබැයි වගකීමක්නම් දෙන්න බැ"
බලන්න.
ලෝකල් කියන වචනේ තේරුමට අද වෙලා තියන දේ.
තවත්
ඔබට ඇහිල ඇති " අපෝ මේක ලෝකල් එකනේ. ජපන් එක නැද්ද?" ඔන්න ඕක තමා අපේ රටේ මිනිස්සුන්ගේ මානසික මට්ටම.
ඇයි
අපිට තත්වයෙන් උසස් නිෂ්පාදන වෙලදපොලට දෙන්න බැරි? ඇයි අපේ දේවල් හදන්න බැරි? අපි හරක්ද? අපිට මොළයක් කියල දෙයක් පිහිටලා නැද්ද? නැත්තම් ඒ මොළයෙන් ප්රයෝජන ගන්න දන්නේ නැද්ද?
ලංකාවේ වැඩිහරියක් කරන්නේ මොකද්ද? පිටරටින් ඕනැම කුණුගොඩක් ගෙනත් දැම්මනම් අන්න ඒක තමා ලොකු. මම දන්න මගේ මිත්රයෙක් ඉන්නවා. එයා කොරියාවේ භාවිතා කරපු පරිගණක මෙහෙ ගෙනත් අඩු ගානට විකුනනවා. ගමේ අයත් ගන්නවා. අරන් මාස දෙකතුනයි අය ඒවගෙන් ගන්න දෙයක් නෑ. ඒ රටේ මිනිස්සුන්ට ඒවා විසික්කන්න තැනක් නැතුව කැඩුන ඒවා අමුනලා ලංකාවට එවනවා. අපි අයත් ඉස්මුදුනින් පිළිඅරන් ඒවා ගන්නවා, ආඩම්බරෙන් කියනව මහලොකුවට " මේක මචන් කොරියන්. පට්ට ඇ" කියලත්.
මටනම්
ලැජ්ජයි මං ගැනම ඕවා අහනකොටත්. සමහරු Apple සමාගම දිහා කට උඩට අල්ලගෙන බලාගෙන ඉන්නවා ඊලගට එන ෆෝන් එක ගන්න. සමහරු බලාගෙන ඉන්නවා windos සමාගම දිහා ඊලගට එන වෂන් එක ගන්න. ඇයි දෙයියනේ ඒ අය මිනිස්සු නෙවේද? එයාලගෙත් මොළය අපේ වගේමනේ හැදිල තියන්නේ. නමුත් ඒක පාවිච්චි කරන විදිය වෙනස්. ඒ අය දියුනු ඒ නිසයි. හරියට
වේයො වගේ. වේයෝ මහන්සිවේලා ලොකු තුබස් හදනවා. සරපයො විලිලැජ්ජා නැතුව ඒවට රිංගලා ජීවත් වෙනවා. ඒ වගේ වනත් රටවල් වලි නව නිෂ්පාදන හදුන්වාදීලා ඒ රටවල් දියුනුවෙනවා. අපේ රටේ හරක් ඒවා අරන් කයිවාරු ගහනවා. ඇයි අපේ රටේ ඉංජිනේරුවොන්ට හෙනගහලද? උන්ගේ ඔළු වලට ඔය අදහස් එන්නැද්ද?
ඇයි
ටිකක් හිතන්න බැරි? අපිට නව නිපැයුම් කරන්න බැරිද? අපේ රට දියුනු කරන්න බැරිද? පුළුවන්. ප්රශ්නේ තියන්නේ උනන්දුවක් නැති එක.බය. අළුත් දෙයක් කරන්න තියන බය. ඉතිං අපි කල්පනා කරා අපි මේ වෙනස ආරම්භ කරන්න ඕනේ කියලා. මොකද අපිට බෑ තවදුරටත් නිවටයන් ලෙස ජීවත් වෙන්න. අපිට මේක කරන්න හැම සැපසම්පතක්ම නෑ. නමුත් අපි තියන දේවල් පිරිමහගෙන ඒවගෙන් උපරිම ප්රයොජන අරගෙන ලංකාව දියුනු කරන්න අපි කැපවෙනවා.
ඒ දිගු ගමනේ පළවෙනි පියවර ලෙස අපි අන්තර්ජාලය උපයොගී කරගනිමින් රෝගීන්ට වෛද්යවරුන් හමුවී ප්රතිකාර හා වෛදය උපදෙල් ලබාගත හැකි සේවාවක් ආරම්භ කරා.
මෙවැනි
සේවාවක් විවිධ පුදිගලයන්ට විවිධ ආකාරයට සහය වෙන්න පුලුවන්. අපි දන්නවා සමහර රෝගී තත්ව තියනවා තව කෙනෙක්ට කියන්න බැරි දේවල්. ඒකට හොදම උදාහරණයක් මම කියන්නම්.
මම රෝහලක් සේවය කරන අතරතුර එක්තරා කාන්තාවක් වෛද්‍යවරයා වෙත පැමිනියා. නමුත් තවත් දෙදෙන්ක් බලහත්කාරයෙන් වගේ ඇයව ගෙනාවේ. ඇය අවිවාහක කාන්තාවක්. වයස 45 ක් පමණ. ඇය සමග පැමිණි කාන්තාවන් දෙදෙනා වෛද්යවරයා වෙත ගැටළුව යොමු කරා. ඇයගේ යෝනි ප්රදේෂයේ තුවාල ඇතිවෙලා, එය දුරදිග ගොස් පණුවන් ඇතිවෙලා. ඒ වෙනකම්ම ඇය මේ බව සගවාගෙන ඉදලා. ඉන්පසු හෙද සොයුරියක් පණුවන් ඉවත් කර ප්රතිකාර කලා. ඇය පැවසුවේ පළුවන් විශාල ප්රමාණයක් සිටි බවයි. මෙවැනි රෝගීන් කී දෙනෙක් ලංකාව පුරා ඇද්ද?
HIV ආසාධිතයන්,
වෙනත් ලිංගාශ්රිත ගැටළු ඇති පුද්ගලයන් විශාල පිරිසක් තම රෝගී තත්වය සගවාගන සිතින් දුක් විදිනවා. හේතුව මෙවැනි රෝගී තත්වයක් තව කෙනෙකුට පැවසීමට ඇති ලැජ්ජාව.
*සමාජයෙන්
කොන් වෙයි කියන බය
*නිවසේ
සාමාජිකයන් තමාව වෙන් කර තබයි කියන බය.
මෙවැනි
ගැටළු රාෂියක් නිසස් මේ රෝගීන් ප්‍රතිකාර ගැනීමට ඉදිරිපත් වෙන්නේ නෑ. නමුත් දැන් අපගේ සේවාව හරහා ඉවුන්ට කිසිම අපහසුතාවයකින් තොරව ප්රතිකාර ලබාගැනීමේ හැකියාව පවතිනවා.
කොහොමද?
අපි උදාහරණයකට ගමු එක්තරා චර්මරෝගයකින් පෙලෙන පුද්ගලයෙකු. ඔහු මෙය වෙනත් පුද්ගලයෙකු හමුවී කීමට ලැජ්ජාශීලී අයෙකු යෙයි සිතමු. නමුත් ඔහු ලග ජංගම දිරකතනයක්, පරිගණකයක් පවතීනම් එම රෝගී ස්ථානය පමණක් ඡායාරූප ගෙන ඔහුගේ ගැටළුව සමග අපගේ වෛද්යවරයෙකු වෙත් ඉදිරිපත් කර ප්රතිකාර ලබාගන්න පුළුවන්. මෙහිදී ඔබ පවසාවි "එ තරම් දියුනු ජංගම දුරකතන හැමෝටම නෑනේ" කියලා. නමුත් මේ සදහා ඒ තරම් දියුනු ජංගම දුරකතන අවශ්‍ය වෙන්නේ නෑ. අද වනවිට සැම දුෂ්කර පලාත් වල පවා සැම පුද්ගලයෙකුටම ජංගම දුරකතනයක් පවතිනවා. දැනට පවතින අවම පහසුකම් සහිටහ් දුරකතනයේ පවා sms පහසුකම හා mms පහසුකම පවතිනවා. ඉතින් ඔහුට හැකියාව පවත්නවා රෝගී ස්ථාන ඡායාරූප ගෙන mms මගින් අප වෙත යොමු කිරීමට හා ඔහුගේ රෝග විස්තරය sms මගින් යොමු කිරීමට.
මේ
සදහා වියදම ලෙස උපරිම රුපියල් 5ක් වියදම් වේවි. ඉතින් මෙය ඉතා සරල කටයුත්තක්. ඒ වගේම පහසුකම් සහිත පුද්ගලයන්ට Skype ඔස්සේ අපගේ වෛද්යවරුන් හමුවී ප්රතිකාර ලබාගැනීමේ හැකියාවත් පවතිනවා. ඊට අමතරව ඔවුන්ගේ සෞඛ්‍ය ගැටළු ඊ මේල් මගින් ද ඉදිරිපත් කිරීමේ පහසුකම් සලසා දී තිබේනවා.
එවැනි
රෝගීන් පමණක් නෙවේ මෙම සේවාව යිදාගත හැක්කේ. ඔබ බොහෝවිට මෙවැනි ප්රකාශ අසා ඇත " බෙහෙත් ටිකක්නම් ගන්න යන්න ඕනේ. එත් ඉතිං ඒකටවේත් වෙලාවක් නෑනේ" කියලා. එහෙම කියන්න හේතු තියනවනේ.
අපි
හැමෝටම රෝද හතරේ වාහන නෑනේ. ඉතිං බොහෝ අය බස් එකේ තමයි බෙහෙත් ටිකක් ගන්න යන්නේ. ඉතිං බස් එක එනකම් පැය ගානක් පාරට වෙලා බලගෙන ඉන්න වෙනවා. බස් එක ආවත් ඒකේ සෙනග පුරිලා. අමාරුවෙන් තැලිල පොඩිවෙලා යනකොට වෙන මොන ලෙඩේ තිබුනත් අනිවාර්යෙන් ඇගේ අමාරුවටත් බෙහෙත් අරන් තමා එන්න වෙන්නේ. ඊට අමතරව කොන්දොස්තර මහතාගේ මිහිරි වදන් වලින් හිතත් අවුල් කරගන්න වෙනවා. කොහොමහරි අමාරුවෙන් රෝහලට ගියාම එතනත් පැය ගානක් පෝලිමේ ඉන්න වෙනවා. ඊට අමතරව රෝහල් සේවකයන්ගෙන් ලැබෙන මිහිරි වදන් වලින් සිත පිනා යනවා. " මොනවද ඔය අම්ම ඔතන ඉදගෙන කරන්නේ? කරුනාකරලා පෝලිමට යන්න."
එවිට
රෝගියා " අනේ මහත්තයෝ මට ටිකක් අමාරුයි. එකයි මෙතන ටිකක් ඉදගත්තේ"
රෝහල්
සේවකයා" අනේ අම්මේ ඒ කතා මට වැඩක් නෑ. බෙහෙත් ගන්න ආවනම් පොලිමේ හිටගෙන ඉන්න"
ඔන්න ඔය අත්දැකීම් අනිවාර්යෙන් ඔබත් විද ඇති. ඊටපස්සේ තුන්ඩු කෑල්ල ලියාගන්න එතන පෝලිමේ
රෝහල්
සේවකයා "මොකද්ද නම" කියල අහනව ගහන්න වගේ
නම
කීවාම තුන්ඩු කෑල්ල ලියලා විසික්කනව මේසේට බල්ලන්ට වගේ. ඒක අරන් අය යන්න ඕනේ දොස්තර මහත්තය එනකම් පෝලිමට.
මෙවැනි
දේ අප විහිළුවක් සේ පැවසුවත් මෙය ඉතාමත් සුලබ සමාජ ගැටළු. මේ නිසා බොහෝ දෙනා පෞද්ගලික බෙහෙත්ශාලා සොයා යන අතර එතනින් රු 500 කටත් වඩා ගෙවල බෙහෙත් ටික අරන් ගෙදර එනවා. එහෙමත් වත්කමක් නොමැති පුද්ගලයන් පැනඩෝල් පෙත්තක් බීල නිදාගන්නවා. ධනවත් සමාජය මෙවැනි අත්දැකීම් වලට මුහුණ දී නැතත් පොලවේ පයහසා සිටින, මිනිසුන් සමග නිරන්තරයෙන් සිටින, දුප්පතාගේ දුක හදුනන අපටනම් මෙවැනි අවස්ථා බොහෝමයක් හමුවී අද්දැකීම් ඇත.
ඉතින් මේ සදහා විසදුමක් නැද්ද? තිබෙන එකම විසදුම අපගේ සේවාවයි. මෙහිදී පරිගණක, දුරකතන නොමැති පුද්ගලයන්ට අපගේ සේවා මධ්යස්ථානයක් වෙත පිවිස ඉතාමත් අඩු සේවා ගාස්තුවකට මෙම සේවාවන් ලබාගත හැක. එමෙන්ම විශේෂ දින වලදී නොමිලේ මෙම සේවාව ලබාගත හැක.
තවත්
සමාජයේ පිරිසක් ඉන්නව හැමදෙයක්ම online කරගන්න කැමති අය, ඉතින් ඒ අයටත් මෙය කදිම අවස්ථාවක්.
මෙහිදී
දැනට ගැටළු කිහිපයක් මතුවී ඇතත් ඒ සදහා හැකි ඉක්මනින් විසදුම් ලබා දීමට අප බලාපොරොත්තු වෙනවා. මොනවද මේ ගැටළු?
*පරිගණකයට
සම්බන්ධ කළ හැකි වෙද නලාවක් දැනට අප රට තුල භාවිතායේ නොමැති බැවින් ස්වසන රෝග හා හදවත්
රෝග සදහා ප්රතිකාර කිරීම නොකරයි. නමුත් රෝගය පාලනය කිරීමට හා යොමු විය යුතු ස්ථාන පුළිබදව දැනුවත් කිරීමක් සිදු කරයි.
*හදිසි
ප්රතිකාර අව්ශ්ය රෝගීන් සදහා ප්රතිකාර කිරීමෙ හැකියාවක් නොමැත.
මෙම
ගැටළු සදහා අපගේ ඉංජිනේරු අංශය සමග සාකච්චා කර හැකි ඉක්මනින් විසදුමක් ලබා දීමට අප බලාපොරොත්තුවෙන් සිටිනවා.
ඉතින්
ඔබත් නව තාක්ෂණය අත්හදාබලමින්, නව නිපැයුම් බිහි කරමින්, තාක්ෂණයේ නවතම අද්දැකීම් විදගනිමින් අපේ රට ඉතාමත් දියුනු රටක් බවට පත්වනවා දැකීමට කැමති අයෙකුනම් එන්න. අදම අප හා එක්වන්න.
No comments:
Post a Comment