නීතිමය තත්වය

ප්‍රධාන වෛද්‍යවරයා                                 -Dr. M.S  රාජෙන්ද් විජේතුන්ග (M.B.B.S) (Ceylon)
 ශ්‍රී ලංකා වෛද් සබාවේ ලියා  පදිංචි අංකය   -6714 

පළමු පියවර

* මෙහි මුල් අවදියේදී සිදු කරණුයේ
- වෛද්‍ය උපදෙස් ලබා දීම
- යම් රෝගී තත්වයක් පිළිබධ යම් අයෙකුට ගැටළුවක් පැනනැගුනහොත් ඒ එය නිරාකරණය            කරගැනීමට සහය වීම.
- එම රෝගියාට වැඩිදුර ප්‍රතිකාර අවශ්‍යනම් එය ලබාගන්නේ කෙසේද   යන්න පහදා දී සහය වීම.
-රෝගී තත්වය පාලනය කරගැනීම සදහා උපදෙස් ලබදීම
- දෛනිකව අප ලබාගන්නා ආහාරපාන පාලනය කරමින් ඒවා ඖෂධ ලෙස යොදාගනිමට ක්‍රම හදුන්වාදීම
 යන කටයුතුය.

බටහිර ඖෂධ හෝ වෙනත් ඖෂධ භවිතා කරන්නේ නැත. එබැවින් නීතිමය ගැටළුවක් මතුවන්නේ නැත.

සම්බන්ධීකරන මධ්‍යස්ථාන මගින් සිදුකරනුයේ රෝගියෙකු/ අසල්වාසියෙකු වෛද්‍යවරයා හමුවීමට පැමිණි විට Skype සපයාදීම පමණි. එබැවින් නීතිමය ගැටළුවක් පැන නොනගී.
(දැනට මේය අත්හදාබැලීමේ කාලය බැවින් ක්‍රියාත්මක වන්නේ මේම ක්‍රමයයි.)

දෙවන පියවර-

*සේවාව සදහා යම්කිසි මුදලක් අය කරනු ලැබේ.
*සම්බන්ධීකරණ මධ්‍යස්ථානය අන්තර්ජාල පහසුකම් සපයන ආයතනයක් (ඉන්ටනෙට් කැෆේ) ලෙස ලියාපදිංචි විය යුතුයි.
*සම්බන්ධීකරණ මධ්‍යස්ථානය තුළ වෛද්‍ය උපකරණ (රුධිරපීඩන මාන, ග්ලූකෝමීටර්, E.C.G  යන්ත්‍ර) භාවිතා කරන්නේ නම් වෛද්‍ය මධ්‍යස්ථානයක් ලෙස රජයේ ලියාපදිංචි විය යුතුය. ඒ සදහා සහය අප ආයතනය විසින් ලබා දේ.
*සම්බන්ධීකරණ මධ්‍යස්ථාන තුල වෛද්‍ය උපකරණ භාවිතා කරන්නේනම් ඒ සදහා පිළිගත් ආයතනයක මනා පුහුණුවක් ලබා තිබිම අනිවාර්‍ය වේ.
(මේවැනි මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම රජයේ හෝ පෞද්ගලික අංශයේ හෙද නිළධාරීන්/ නිළධාරිණියන්ට හැකියාව ඇත. මෙය අමතර ආධායම් මාර්ගයක් කරගනිමින් නිවසේම පවත්වාගෙය යා හැක. එබැවින් අපව අම්තා මේ පිළිබධව වැඩි විස්තර ලබාගන්න.)

No comments:

Post a Comment