Wednesday, November 25, 2015

Online Health Service

සේවාව පිළිබද කෙටි හැදින්වීමක්

මෙය අනතර්ජාලය හරහා සහ වෙනත් සන්නිවේදන ක්‍රම ඔස්සේ වෛද්‍යවරයෙකු සමග සම්බන්ද වෙමින්
 සෞඛ්‍ය ගැටළු සදහා උපදෙස් හා ප්‍රතිකාර ලබා ගැනීමට හැකියාව ඇති සේවාවකි.
මෙය අපගේ සේවාවේ ආර්ම්භක කාලය බැවින් මෙම සේවාව සම්පූර්ණයෙනනොමිලේ ඔබ වෙත ලබා දීමටඅප තීරණය කර ඇත. සරල ආරම්භයක් ලබාගන්න බැවින් දැනට අප සේවාව සමග වෛද්‍යවරුන් දෙදෙනෙකු
 සම්බනධ වී සේවාව සපයන අතර එම හේතුව නිසා සේවා කාලය සීමා කිරීමට සිදුවීම පිළිබදව අප 
කනගාටුව ප්‍රකාශකර සිටින්නේමු.

දිනය වේලාව
සතියේ දිනවල සවස 5.00 සිට රාත්‍රී 10.00 දක්වා
සෙනසුරාදා උදේ 8.00 සිට 12.00
ඉරිදා උදේ 8.00 සිට සවස 6.00 දක්වා

ගැටළු යොමු කිරීම
Skype - etreat.lk                      
SMS   - 0766 26 14 10
Call   - 0766 26 14 10
e mail - etreatlk@gmail.com

ඉහත සදහන් ඕනෑම සන්නිවේදන මාර්ගයක් ඔස්සේ ඔබගේ ගැටළු යොමුකළ හැකි අතර එම මාර්ගය ඔස්සේම නැවත පිළිතුරු ලැබේ.

ලිඛිතව ඔඛේ ගැටළුව ඉදිරිපත් කිරීම සදහා මෙතනින් පිවිසෙන්න
පිවිසෙන්න

Skype හා දුරකථන ඇමතුම් මගින් වෛද්‍යවරයා සම්බන්ධ කරගැනීම සදහා වේලාවක් වෙන් කර ගැනීමට 
සතියේ දින වල-           උදෑසන 7.00 සිට දහවල් 12.00 දක්වා
සෙනසුරදා සහ ඉරිදා -  දවස පුරා

ඔබේ නම(සැබෑ නම පැවසීමට අකමැතිනම් ව්‍යාජ නාමයක් භාවිතා කළ හැක) සදහන් SMS පණිවිඩයක් හෝ e mail පණිවිඩයක් අප වෙත යොමු කරන්න. ඔබගේ පණිවිඩය යොමු කරන පිළිවෙලට ඔබට කාලය ලබා දෙනු ඇත. එය අපගේ බ්ලොග් පිටුවේ සතියේ ද්න වල සවස 4.00 ට පෙර සදහන් කරන අතර එම වේලාවට සදහන් කර ඇති සන්නිවේදන මාර්ගය ඔස්සේ වෛද්‍යවරයෙකු සම්බන්ධ කරගත හැක.

අද දින වේලාව වෙන්කරගත් අය දැනගැනීමට මෙතනින් පිවිසේන්න

කොන්දේසි සහිතයි
* ඔබට ලබා දී ඇති කාලයට වඩා වැඩි කාලයක් අනවශ්‍ය ලෙස ලබාගන්නේනම් ඇමතුම විසන්ධි වනු ඇත
*ලබා දී ඇති කාලයෙන් පසුව ලබාගන්නා ඇමතුම් බාර නොගන්නා අතර, එම මොහොතේ වෙනත් රෝගියෙකු සම්බන්ධ වී නොමැතිනම් ඇමතුම සලකා බානු ලැබේ.
*අසභ්‍ය වචන හෝ අනවශ්‍ය දෑ කතා කිරීමෙන් ඔබ සම්බන්ධවන මාර්ගය අවහිර කිරීමක් සිදුකෙරෙන අතර එය නැවත කිසිම දිනේක සක්‍රීය කරනු නොලැබේ.