සේවා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම

අපගේ සේවා සදහා යම්කිසි ප්‍රදේශයක සිටින ජනතාව සම්බන්ධ කරගන්න ස්ථානයකි. මෙය තවදුරටත් පැහැදිළි කිරීම.
අපගේ සේවාව ලබා දෙනුයේ අන්තර්ජාලය ඔස්සේ හා ජංගම දුරකථන හරහාය. එනම් වෛද්‍යවරයා හමුවිය හැක්කේ අන්තර්ජාලය ඔස්සේය( අවශ්‍යනම් පැමිණද හමුවිය හැක.)  නමුත් ශ්‍රී ලංකාවේ  සෑම පුද්ගලයෙකුටම අන්තර්ජාල පහසුකම් නොමැත. එමෙන්ම පරිගණක භාවිතා කිරීම පිළිබද එතරම් දැනුමක් නොමැත. එම හේතුව නිසා බොහෝ ජනතාවට මෙම සේවාව ලබා ගැනීමට අපහසු වේ. එම ගැටළුව සදහා විසදුමක් ලෙස මෙම සම්බන්ධීකරන සේවා මධ්‍යස්ථාන හදුන්වාදී ඇත. මෙවැනි සේවා මධ්‍යස්ථාන එක් ගමක/ කුඩා ප්‍රදේශයක කිහිපයක් පිහිටුවීමට අප අදහස් කර ඇති අතර එමගින් අපගේ සේවදායකයින් සදහා වඩාත පහසු හා හොද සේවාවක් ලබා දීම අපගේ අරමුණයි.

මෙම මධ්‍යස්ථාන මගින් කෙරෙන කාර්‍ය-

රෝගියා / සේවාධායකයා මෙම ස්ථානයට පමිණි පසු Skype ඇමතුම් ලබා ගනිමින් සේවාධායකයා අපගේ වෛද්‍යවරුන් සමග සම්බන්ධ කිරීම සේවා මධ්‍යස්ථානය භාර නිළධාරියාගේ / නිළධාරිණියගේ වගකිමකි. රෝගියා /  සේවාධායකයා වෛද්‍යවරයා හා සාකච්චා කරමින් සිටින අතරතුර යම් තාක්ෂණික ගැටළුවක් පැමිණියහොත් එයද මධ්‍යස්ථාන භාර නිළධාරියා විසින් නිරාකරනය කර දෙමින් රෝගියාට /  සේවාධායකයාට පහසුකම් සැපයිය යිතුයි.

පසි කාලයකදී සේවා ගාස්තු අයකර අප වෙත යොමු කිරීම එම නිළධාරීන්ගේ තවත් එක් වගකීමකි.

සේවා මධ්‍යස්ථානයට ආධායම් ලැබෙනුයේ කෙසේද?
සේවාධායකයන්ගෙන් ලබාගන්නා සේවා ගාස්තු වලින් යම් ප්‍රතිශතයක් ඔබේ සේවාව වෙනුවෙන් ලබා දෙයි.
ඊට අමතරව අපගේ ප්‍රචාරණ කටයුතු හා සේවාව සම්බන්ධ වෙනත් රැකියා අවස්ථා මගින් මුදල් ඉපයිය හැක.


සේවා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම සම්බන්ධ නීතිමය තත්වය-
ඔබ සිදිකරනුයේ තම නිවසට පැමිණෙන පුද්ගලයකු සදහා skype ඇමතුමක් ලබ ගැනීමට පහසුකම් සැපයීම පමණි. බොහො විට ඔවුන් ඔබගේ අසල්වාසීන්, මිතුරු මුතුරියන් විය හැක.  එබැවින් නීතිමය ගැටළුවක් ආරම්භයෙදී නොපවතී. නමුත් ඔබ මෙය දියුනු කරගනිමින් ව්‍යාපාරික ස්ථානයක් ලෙස පවත්වාගෙන යන්නට අදහස් කරන්නේ නම් (සේවාදායකයන්ගේ පෙමිණීම වැඩි වූ විට) අන්තර්ජාල සේවා සපයන මධ්‍යස්ථානයක් ලෙස( ඉන්ටනෙට් කැෆේ) ලෙස ලියපදිංචි කිරීම ප්‍රමාණවත් වේ.

ඔබ ෆාමසි හිමිකරුවෙකු නම් එම සිදුසුකම් ප්‍රමාණවත් වේ. වෙනම ලියාපදිංචි වීමක් අවශ්‍ය නොවේ.
මුලදී සදහන් කළ ආකාරයට ඔබ ඉතා සුළුපරිමණයෙන්  නිවසේ සිට මෙය ආරම්භකරීම වඩත් යොග්‍ය යැයි අප අදහස් කරයි. මන්ද. එය ඉතාමත් පහසු වන අතර රජයේ ලියාපදිංචි වීම අවශ්‍ය නොවන බැවිනි.


මධ්‍යස්ථාන භාර නිළධාරි මහත්මා / මහත්මිය විසින් යටත් විය යුතු නීති රීති-

*රෝගියාගේ අනුදෙනුමකින් තොරව ඡායාරූප ලගගැනීම
වෛද්‍යවරය සමග සිදුකරන සාකච්චා රහසින් පටිගත කිරීම
රෝගියගේ පෞද්ගලික තොරතුරු වෙනත් පුද්ගලයින්ට ලබ දීම හෝ පැවසීම සපුරා තහනම්.
*රෝගීන් සම්බන්දීකරනය කරන පරිගණකය පවුලේ හෝ වෙනත් අයෙකුට භාවිතා කිරීමට ලබා දීම නොකල යුතුයි.
*රෝගියා අකමැති නම් වෛද්‍යවරයා සමග සම්බන්ධීකරනය කිරීමෙන් අනතුරුව එම ස්ථානයේ නොසිටිය යුතුයි.
*තමන්ගේ නිවසේ සිටම සම්බන්දවන රෝගීන් සේවා ගාස්තු ඔබ වෙත ලබා දුන් පසු එම මොහොතේම ඔබ මුදල් ලබාගත් බවට අප වෙත පණිවිඩයක් එවිය යුතුය.
*කිසිවිටකත් රෝගීන් හට ඖෂධ නිකුත් කිරීම සිදු නොකළ යුතුයි. (ෆාමසි හිමිකරුවන් හැර)

සම්බ්න්ධීකරන මධ්‍යස්ථාන වර්ගීකරණය-
පළමු ශ්‍රේණිය-
මෙය සරලතම හා අඩුම තාක්ෂණයක් භාවිත කරන සම්බ්නධීකරණ මධ්‍යස්ථානයයි. ස්මර්ට් ෆෝන් මගින් / පරිගණකයකින් හෝ Skype ඇමතුම් ලබගත හැකි ඕනෑම උපකරණයක් ඇත්නම් මෙම මධ්‍යස්ථාන පවත්වාගෙන යා හැකිය.( ජංගම මධ්‍යස්ථාන ලෙස හෝ ස්ථාවර මධ්‍යස්ථාන ලෙස) මෙමගින් රොගීන් හා වෛද්‍යවරුන් අතර සංවාව්ධ හා වෛද්‍ය උපදෙස් ලබාගැනීම පමණක් සිදුකරයි. රජයේ ලියාපදිංචි වීමක් අවශ්‍ය නොවෙයි.

දෙවන ශ්‍රේණිය.-
මෙය පළමු ශ්‍රේණියේ මධ්‍යස්ථාන වලට වඩා තරමක් දියුනු තත්වයක පවත්වාගෙන යා යුතුයි. මෙහිදී  පරිගණකයට අමතරව රුධිර ග්ලූකොස් පරීක්ෂාව සිදු කරන උපකරණ, රුධිර පීඩන මාණ, පරිගණකයට සම්බන්ධ කර්ල හැකි වෙද නලා, තිබිය යුතු අතර මෙම උපකරණ භාවිතා කිරීම පිළිබධ මනා දෙනුමක් තිබිය යුතුයි.

තුන්වන  ශ්‍රේණිය-
මෙම ශ්‍රේණියේ මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සදහා පෞද්ගලික අංශයේ හෝ රාජ්‍ය අංශයේ හෙද පුහුණුව ලබ දිබිය යුතු අතර දෙවන ශ්‍රේණියේ උපකරණ වලට අමතරව දියුණු තත්වයේ කැමරා, E.C.G යන්ත්‍ර, තුවාල සදහා ප්‍රතිකාර කරණ උපකරණ තිබිය යුතුයි. ඖෂධ පිළිබද පුහුණුව ලබ ඇත්නම් අපගේ වෛද්‍යවරුන් නිර්දේෂ කරන ඖෂධ නිකුත් කළ හැක.

හතරවන ශ්‍රේණිය-
මෙය තුන්වන ශ්‍රේණියේ උපකරණ ඇතුළුව කුඩා ප්‍රමාණයේ රෝහලක  තිබිය යුතු සියළුම උපකරණ තිබිය යුතුයි. හෙද නිළධාරීන් හ නිළධාරිණියන් පැය 24 පුරා 5 කට වැඩි සංඛ්‍යාවක් සිටිය යුතු අතර  නේවාසික රොගීන් හදිසි රෝගීන් තත්වයකට ලක් ඌ විට ඒ සදහා සාර්ථකව මුහුන දී රෝගියාගේ ජීවිතය බේරාගැනීමට හැකි දක්ෂ හෙද හෙදියන් සිටිය යුතුයි. රෝහලක් ලෙස රජයේ ලියාපදිංචී වී සිටීම අනිවාර්යයි.

පසිවන ශ්‍රේණිය-
මෙය විශාල රොහල් වෙයි. සියළු පහසුකම් තිබිය යුතුයි. පුහුණු සේවක සේවිකවන් සිටිය යුතුයි.

No comments:

Post a Comment