උපත් පාලන ක්‍රම


උපත් පාලනය

අපි දැන් කතා කරන්න හදන්නේ උපත් පාලනය ගැන. උපත් පාලනය කියන්නේ සරලව කීවොත් දරුවෙකු පිළිසිදගැනීම වැලැක්වීමනේ. යුවලකට උපත්පාලන ක්‍රම භාවිතා කරන්න විවිධ හේතූන් තියෙන්න පුළුවන්.ඒ අතරින් කිහිපයක් නම් විවාහ වෙලා ටික කාලයක් යනකම් දරුවෙකු බිහිකිරීම ප්‍රමාද කිරීමට අවශ්‍ය නිසා, දරුවන් අතර වයස් පරතරයක් තබාගැනීමට අවශ්‍ය නිසා යන කරුනු ප්‍රධාන තැනක් ගන්නවා. උපත් පාලන ක්‍රම කිහිපයක් තියනවා. ඒ එක එකක් ගැන අපි දැන් කතා කරමු

ගිලින පෙති

ගිලින පෙති මේ පෙති වල අඩංගු වෙලා තියන්නේ හෝමෝනයි. ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් ඒ හෝමොන වෙනවා. මේවා පාවිච්චි කරන්නේ කාන්තා පාර්ශවය. නමුත් ඔබ අළුත උපන් දරුවෙකු සිටින මවක්නම් ටිකක් මේ පෙති ලබාගැනීමේදී සැලකිලිමත් වෙන්න වෙනවා. මොකද දරුවා ලැබිලා මාස 6 ක් වත් යනකම් මෙම හෝමෝන සහිත් උපත් පාලක පෙති භාවිතා කරන්න එපා. ඒකට හේතුව තමයි, මෙමගින් දරුවාට ලැබෙන කිරි ප්‍රමාණය අඩුවෙන්න පුළුවන් නිසා. බොහෝ විට මවු කිරි ලබාදෙන මුල කාලයේ, එන්ම දරු ප්‍රසූතියෙන් මාර 6 ක් පමණ යනතුරු නැවත ගැබ් ගැනීමක් සිදු නොවෙන්න පුළුවන්. නමුත් එය ස්තීරවම කිය නොහැකී. එබැවින් ඒ කාලය තුළ හෝමෝන අඩංගු නොවන උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න පුළුවන්. ඒක කෝකටත් හොදයිනේ.
දරුවෙකු නොමැතිනම් හෝ වයස මාස 6 ට අඩු දරුවෙකු නොමැති හා නීරෝගී කාන්තාවක් නම් මේ පෙති ගැටළුවකින් තොරව භාවිතා කරන්න පුළුවන්. ඒත් ඕනෑවට එපාවට මේ පෙති භාවිතා කරොත් නම් මේවගෙන් සාර්ථක ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බැ.
මෙහි හෝමෝන පෙති 21 හා යකඩ පෙති 7 ක අන්තර්ගත වෙනවා. මේවා ලබාගන්න පිලිවෙල එම පෙති අසුරන වල පිටපැත්තෙහි සදහන් වෙනවා. ඒ පිළිවෙලට දවසකට එක බැගින් ලබාගන්න ඕනේ. හැම දවසකම එකම වෙලාවට මේ පේති ලබාගන්නවානම් ගොඩක් හොදයි. බැරිවෙලාවත් එකදවසක් හරි මේ පෙත්ත බොනන් බැරි උනොත් ඊලග දවසේ ඒ වෙලාවට පෙති 2ක් බොනන් ඕනේ. දින 5ක් 6ක මේ පෙත්ත ගන්න බැරි උනොත් ඔබ ඒ කාඩ් එක අයින් කරලා ඊලග මාසේ වෙනකම් හෝමෝන අඩංගු නැති උපත්පාලන ක්‍රමයක් භාවිතා කරන්න.

ගර්භාෂය තුළ තැන්පත් කරන උපත් පාලන උපකරන

මෙය මවු කිරි දෙන මවකට උවත් සුදුසු උපකරණයකි. මෙය ගර්භාෂය තුළ තැන්පත් කිරීමෙන් දරුවකු පිළිසිදගැනීමක් සිදු නොවන අතර මෙය ඉවත් කළ වහාම දරුවෙකු පිළිසිදගැනීමේ හැකීයාව එම කානතාවට ලැබෙයි. මෙය සාමාන්‍ය සායනයකදී උවද සිදුකරගත හැක.

උපත් පාලන එන්නත්

මෙය හෝමෝන අඩංගු එන්නතකි. මාස 3කට වරක් මෙම එන්නත කාන්තා පාර්ශයව මගින් ලබාගත යුතුය. මෙම එන්නත ලබාගැනීමේන් කාන්තාවන් තරබාරු වන බවට මතයක් ඇත. නමුත් මේ තත්වය ආහාර පාලනය කිරීම මගින් හා නිසි පරිදි ව්‍යායාම වල යෙදීමෙන් මගහරවාගත හැක.

සමට යටින් තැන්පත් කරන Implanon උපකරණය

මෙය හෝමෝන නිකුත් කරන උපකරනයක් වන අතර මෙය කාන්තාවන්ගේ අතේ ඉහල කෙළවරේ සමට යටින් තැන්පත් කරනු ලබයි. මෙය වසර 3ක් දක්වා සාර්ථකව උපත පාලන ක්‍රමයක් ලෙස භාවිතා කළ හැක.

ස්ථීර උපත් පාලන ක්‍රම

මෙහිදී සිදුවන්නේ කාන්තාවන්ගේ පැලෝපීය නාල අවහිර කිරීමකි. මෙය සැත්කමක් මගින් සිදුකරන අතර එම සැත්කමෙන් පසු නැවත එම කාන්තාවට කිසිම දිනක දරුවකු පිළිසිදගැනීමේ හැකියාවක් නැත.

කොන්ඩම් භාවිතය

මෙය පුරුෂයන් සදහා අනුගමනය කළ හැකි සරළ උපත් පාලන ක්‍රමයකි. මෙය රබර් කොපුවක් වන අතර සංසර්ගයේදී එය පුරුෂයාගේ ශිෂ්ණයේ පැලදිය යුතුය. මෙමගින් ශුක්‍රාණු යෝනි මාර්ගයට ඇතුල වීම වැලැක්වීම සිදුවන අතර ඒ හේතුව නිසා ගැබ් ගැනීමක් සිදු නොවේ.එක් වරක් භාවිතා කිරීමෙන් පසු මෙය ඉවත් කළ යුතුය.

No comments:

Post a Comment